අගමැති ධුරය ඉල්ලූ මහින්දගේ පෙත්සම ඉවත්කරගැනීමේ සූදානමක්

අගමැති ධුරය ඉල්ලූ මහින්දගේ පෙත්සම ඉවත්කරගැනීමේ සූදානමක්

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් ඉකුත් දා නිකුත්කර තිබු තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින්  බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කරන ලද අභියාචනා පෙත්සම් මාර්තු මස 14 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම කරුණට අදාළව අභියාචනාධිකරණයේ පවතින පෙත්සමත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින මෙම පෙත්සමත් ඉවත්කර ගැනීමට දෙපාර්ශවයම එකඟවී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම මාර්තු මස 14 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

 

No comments:

Powered by Blogger.