මාකඳුරේ මදූෂ් සමඟ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් තවත් පාතාල සාමාජිකයින් පිරිසක් සමග ඊයේ (05) අලුයම ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා.

ඒ, එරට තරු 6  හෝටලයකදී මාකඳුරේ මදූෂ්ගේ දෙවැනි බිරිදගේ  පුත්‍රයාගේ උපන් දින සාදය සමරන අතරතුරදීය.

මෙහිදී පුද්ගලයින් 25 දෙනෙකු  හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගැනින.

අත්අඩංගුවට ගැනුනු පිරිස

ඔවුන් අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් , කෙසෙල්වත්තේ දීනුක , අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා සහ  කංචිපාන ඉම්රාන් නමැති පාතාල සාමාජිකයින් සිටි බවට හදුනාගෙන තිබේ.

මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට ආරක්ෂක අංශ සදහන් කලේ මෙම සාදයට  නමගිය පාතාල නායකයින් වන අංගොඩ ලොක්කා සහ කොස්ගොඩ සුජී ද පැමිණීමට නියමිතව තිබු බවය.

ඊට අමතරව ඩුබායි ආරක්ෂක අංශ සදහන් කලේ ජනප්‍රිය සිංහල ගායකයෙකු වන අමල් පෙරේරා  සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක ක්‍රිකට් පුහුණුකරුවකුගේ චරිතය නිරුපණය කල රයන් වැන්ඩස්ට්‍රෝයි ද අත්අඩංගුවට ගත් පිරිසට අයත් බවය.

 මේ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත් බව සදහන්ය.

අද පෙරවරුවේ ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කලේ අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවය.

“මමයි, පුතයි ගියේ සිංදු කියන්න”

අත්ඩංගුවට පත්වීමෙන් පසු  අමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් සිය පුත්‍රයා සමග එම ස්ථානයට පැමිණියේ ගීත ගායනයට බවය.

ඊට තමන්ට ගෙවීමක් කල බවද ඔහු පවසා තිබේ.

No comments:

Powered by Blogger.