පොලිස් මාධ්‍ය සාකච්ඡාව හදිසියේම අවලංගු කරයි

පොලිස් මාධ්‍ය සාකච්ඡාව හදිසියේම අවලංගු කරයි

පොලිස් මූලස්ථානය විසින් ඊයේ (05දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර තිබිණි.

අදාළ මාධ්‍ය සාකච්ඡාව සවස 5.45ට පැවැත්වෙන බවට මාධ්‍ය ආයතනවලට දන්වා එවා තිබූ අතර, එම දැනුම් දීම අනුව බොහෝ මාධ්‍ය ආයතන නියෝජිතයන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට වාර්තා කර තිබිණි.

ඊයේ දිනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස නම්කර සිටින 'මාකඳුරේ මධුෂ්' නමැත්තා ඇතුළු පිරිසක් ඊයේ (05දා) දිනයේදී ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාන දෙකකදී හෙරොයින් කිලෝ 110ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීණි.

අදාළ සුවිශේෂී කරුණු දෙකක් සිදුව තිබියදී පොලිස් මූලස්ථානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීම තුළ මාධ්‍යවේදීන් පසුවූයේ දැඩි විමතියකිනි.

No comments:

Powered by Blogger.