පැය 4ක මෙහෙයුමෙන් සැකපිට 9529ක් දැලේ



මුළු දිවයිනම ආවරණය වනසේ පොලිස් නිලධාරීන් 17,213 ක් යොදා ගනිමින් ඊයේ (24 දා) අලූයම සිදුකළ පැය 04 ක මෙහෙයුමකින් බීමත් රියැදුරන් ඇතුළු සැකකරුවන් 9529 ක් පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදුකළ මෙම මෙහෙයුමේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 5818 ක්ද, බීමත්ව රිය පැදවීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 3711 ක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (24 දා) පැවසීය.

 එම 3711 දෙනා අතර බීමත් රියැදුරන් 768 ක්, වරෙන්තුකරුවන් 938 ක්, විවිධ අපරාධවලට අවශ්‍යව සිටි 820 ක්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1098 ක්, වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් 80 ක්, ගිනිඅවි, අත්බෝම්බ ළ`ග තබා ගැනීම් සම්බන්ධයෙන් 07 දෙනකු සිටින බවද ඒ මහතා කීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීම සහ දඩ පත‍්‍රිකා නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථාන මගින් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

No comments:

Powered by Blogger.