නව ආණ්ඩුකාරවරුන් අද දිව්රුම් දෙයි - අසාත් සාලිට නැගෙනහිර පළාත
නව ආණ්ඩුකාරවරුන් අද පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිව්රුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.
ඒෂියන් මිරර් කල විමසීමකදී කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලි මහතා ප්‍රකාශ කලේ තමන්ට ආණ්ඩුකාර ධුරයක් ලබා දීම සදහා එම අවස්ථාවට ආරාධනා කර ඇති බවය.
අසාත් සාලි මහතාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇත.
නව වසරට ප්‍රථම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් අතර එය පළමුව වාර්තා කලේ ඒෂියන් මිරර් ය.
සබැදි පුවත් - ජනපති දිවයිනට - ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට කියයි
No comments: