රාජ්‍ය සේවකයන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයක්



රාජ්‍ය සේවකයන්ට මුහුණ දීමට සිදුව ඇති දේශපාලනික පළිගැනීම්, අසාධාරණ ස්ථාන මාරුවීම් සහ වැඩ තහනම් කිරීම් ඇතුළු ගැටලු පිළිබඳව දැනුම් දීමට "රාජ්‍ය සේවකයන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය" නමින් කාර්යාලයක් විවෘත කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේ වෙනුවෙන් හඬක් නැඟීමට බලාපොරොත්තු වන ජාතික නිදහස් පෙරමුණ අසාධාරණයට පත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමාට වත්මන් ආණඩුවෙන් මුහුණ පෑමට සිදුවූ අසාධාරණය පිළිබඳව තොරතුරු සිය මධ්‍යස්ථානය වෙත ලබාදෙන ලෙස යැයිද ඔහු කීවේය.

රාජ්‍ය ආයතන, සංස්ථාපිත, ව්‍යවස්ථාපිත, මණ්ඩල ඇතුළු ආයතනයන්හි සිදුවූ දේශපාලන පළිගැනීම් මෙන්ම සේවක අර්ථසාධක ගැටලු, සේවක භාරකාර අරමුදල් සම්බන්ධ ගැටලු පවා එම මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකි බවද මන්ත්‍රිවරයා පැවසුවේය.

රාජ්‍ය සේවකයක් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය, නො. 342/1/4, ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවත, කෝට්ටේ පාර, පිටකෝට්ටේ යන ලිපිනයට එසේ තොරතුරු ලබා දිය හැකි බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.



No comments:

Powered by Blogger.