රටින් ගෙනා බඩඉරිඟු ඇටවල සේනාට සමාන තවත් දළඹුවෙක්

විදේශ රටකින් මෙරටට ගෙනා බඩඉරිඟු ඇට තොගයක තිබූ වෙනත් ඇටවර්ග කීපයක් තවාන් දැමීමෙන් පසු ඒ තවානේ සිටියදී සේනා දළඹුවාට සමානකම් ඇති දළඹුවකු හමුවීමේ පුවතක් මාරවිලින් වාර්තා වෙයි.
මාරවිල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළ හිමියකු වන සුනන්ද අප්පුහාමි මහතාගේ ගොවිපොළට විදේශ රටකින් ගෙනා බඩඉරිඟු ඇට තොගයක වෙනත් ඇට වර්ග කීපයක් හා බඩඉරිඟු ශාක කොටස් දක්නට ලැබුණු බව ඉකුත් සතියේ වාර්තා විණි.
එහිදී සුනන්ද අප්පුහාමි මහතා කර ඇත්තේ මේ ඇට වර්ග කීපයක් තෝරා වෙන වෙනම උර සකස් කර තවාන් දැමීමයි. මින් එක් ඇට වර්ගයක් පැළවී ඇති අතර අනෙක් ඇට පැළ නොවීම පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (29දා) සිය උරය තුළ ඇති පස් ඉවත් කළ විට ඇට නොමැති වූ අතර දළඹුවකු සිටින ලදී. මේ දළඹුවා සේනා දළඹුවාට බොහෝ සමානකම් ඇති බව වාර්තා වන අතර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ව්‍යාපාරික සුනන්ද අප්පුහාමි මහතා වගකිවයුතු ආයතවලින් ඉල්ලා සිටී.
සුනන්ද අප්පුහාමි මහතා මේ බඩඉරිඟු තොගය ලබාගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගෙන්වන ලද බඩඉරිඟු තොගයකින් වීම විශේෂයකි. මේ බඩඉරිඟු තොගයේ දක්නට ලැබුණු ශාක කොටස් හා ඇට පිළිබඳව ආයතන කීපයක් දැනුවත් කර තිබුණත් මේ දක්වා නිසි පරීක්ෂණයක් සිදු නොවීම ගැටලු සහගත බවද මේ සත්ත්ව ගොවිපොළේ හිමිකරු වැඩිදුරටත් පැවැසීය.
No comments: