ක්‍රිකට් ක්‍රීඩකයන් දාන්න හරින්ටත් අල්ලස් දීලා

ක්‍රිකට් ක්‍රීඩකයන් දාන්න හරින්ටත් අල්ලස් දීලා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ බවත් ඒ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා. මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා. මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා," 

No comments:

Powered by Blogger.