ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී තිබේ.

මීට සුළු වේලාවකට පෙර ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ ලෙස දිවුරුම්දී  ඇති බව වාර්තා වෙයි.

ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පත්වීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනක් හිස් වූ අතර ඒ සඳහා ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

No comments:

Powered by Blogger.