චාලිට ගිනි තැබිම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට
මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවේකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (04) පෙරියමුල්ල ප්‍රදේශයේදි මෙම පුද්ගලයා සැකකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරියමුල්ල-මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු අද (05) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදිය.
No comments: