අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත්

අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රාජ්ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය තුළ බරපතල අර්බුදයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා  වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

මෙ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් පල නොකළ යුතු බවයි. 

No comments:

Powered by Blogger.