වැඩ කරන දේශපාලඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ

වැඩ කරන දේශපාලඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ

"2018 වර්ෂයේ අපි පසු කළේ ඉතාමත් අදුරු යුගයක්. ඔක්තෝබර් 26 දා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කළු පැල්ලමක් ඇතිවුණා ඔබට මතක ඇති. එදා අපි නින්දට යන අවස්ථාවේ තිබුණ ආණ්ඩුව නොවෙයි, නැවත අවදි වනවිට පැවතුනේ. නමුත් ජනතා ශක්තිය තුලින්, ව්‍යවස්ථානුකූලව ස්වාධීන අධිකරණ තීන්දුවක් රැගෙන, ව්‍යාජ ආණ්ඩුව ගෙදර යවලා, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවන්න අපට හැකිවුණා. යනුවෙන් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමග ගල්වල ක්‍රීඩාංගණයේදී පැවති අඩු ආදායම්ලාභි පාසල් දරුදැරියන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

මේ හෙට දින රට භාර ගන්න ඉන්න අපේ දරුවො ගැන, අධ්‍යාපනය ගැන, රැකියා ගැටළු ගැන, ජනතාවගේ දැවෙන යටිතල පහසුකම් ගැටළු ගැන කතා කරන්නේ නැහැ. අද විදුලිය තිබුණට තවත් වසර 2ක් 3ක් යද්දි ඒ ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි  අඩුපාඩු ගැන කතා කරන්නේ නැහැ. වැඩ කරන දේශපාලඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. ඊර්ෂ්‍යාවෙන් පෙලෙන සමාජයක් බවට අද සමාජය පරිවර්ථනය වෙලා. බලය තියෙද්දි එක විදියක්. බලය නැතිදාට තවත් විදියක්. මේ වගේ දේවල් තමයි වෙනස් කරලා මනුෂ්‍ය භාවයෙන් යුත් පාලනයක් ඇති කල යුතුයි. ජනතා ගැටලු ගැන කතා කරන, වැඩ කරන දේශපාලඥයෝ තමයි අද බිහිවිය යුත්තේ" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Powered by Blogger.