චන්ද්‍රිකාට ශ්‍රීලනිප සමුළුවට ආරාධනා නොකළ හේතු විමසා ලිපියක් එවයි

චන්ද්‍රිකාට ශ්‍රීලනිප සමුළුවට ආරාධනා නොකළ හේතු විමසා ලිපියක් එවයි

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ නියෝජිත සමුළුවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධවහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.ප.මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යවමින් කරුණු විමසා තිබේ.

තමන්ට හා කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ මහතාට මෙම සමුළුව සම්බන්ධව දැනුම්නොදෙන ලෙස  ශ්‍රී.ල.නි.ප. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලසන්ත අලගියවන්න මහතා විසින් උපදෙස් ලබාදී තිබෙන බවද හිටපු ජනාධිපතිනිය ලිපිය මගින් පෙන්වා දෙයි.

තමන් හා තිලක් වරාගොඩ මහතා හැර අනෙකුත් සියලු දෙනාට සමුළුවේ පෝස්ටර් හා පත්‍රිකා ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම්දී තිබෙන බවද කුමාරණතුංග මහත්මිය සඳහන් කරයි.

තම දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ රත්නසේන කැටවලගේ මහතා විසින් පසුගිය සිකුරාදා වෙනත් කරුණක් සඳහා පක්‍ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුට පෝස්ටර් ලබාදීතිබූ බවත්,එහෙත් තමන්ට පක්‍ෂයෙන් කිසිදු ආරාධනයක් සිදුනොකළ බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

No comments:

Powered by Blogger.