කාන්තා නීතිඥ වෘත්තිකයන්ගේ ශක්තිය සමාජයේ වෙනසක් වෙනුවෙන් යොදා ගත යුතුයි



මෙරට අනාගත නීතිඥ වෘත්තික කාන්තාවන් දිරි ගැන්වීම සඳහා මවකගේ කාර්යභාරය කරට ගෙන ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය ලෙස අපට වගකීමක් තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඇය මේ බව සඳහන් කළේ කොළඹ රමාඩා හෝටලයේ පැවැති ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ 56 වැනි මහ සභා රැස්වීමට සහභාගි වෙමි.
එහිදී මන්ත්‍රීවරිය මෙසේද පැවැසුවාය.
අපගේ කාන්තා නීතිඥ වෘත්තිකයන්ගේ ශක්තිය සමාජයේ වෙනසක් වෙනුවෙන් යොදා ගත යුතුයි. අපි එකට අත්වැල් බැඳගෙන අනාගත පරම්පරාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනි ජේ‍යෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව
කාන්තා නීතිඥ සංගමයේ මූලිකත්වයෙන් අපට හැකි වුණා කාන්තා නීතිඥයන්ගේ ඇඳුම වෙනස් කර ගන්න. එය අප ලද ජයග්‍රහණයක්. එම කටයුත්තට සේම කාන්තා නීතිඥ සංගමයේ වැඩකටයුතුවලට නීතිඥ සංගමයේ සභාපති ජේ‍යෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ අවස්ථාවේදී එය මතක් කරන්න ඕනේ.
අපට ලස්සන කාර්යාලයක් තිබුණා. එෆ්.සී.අයි.ඩී. එකේ නඩු අහන්න දැන් වෙන් කරලා තියෙන ගොඩනැඟිල්ලේ. ඒත් ඒ උසාවියට කියලා අපේ කාර්යාලය ගත්තා. ලිඛිත දැනුම් දීමකින් තොරව අපිට දැන් දීලා තියෙනවා කැලෑවක්. එතැන රැස්වීමක්වත් තියන්න බැහැ. අපි වෘත්තීය සංගමයක්. අනේ‍යාන්‍යධාර සමිතියක් වගේ නෙවේ. මෙහිදී අපි ඉල්ලීමක් කරනවා එළියට දාපු තැනින් නැවත අපිව ඇතුළට දාලා දෙන්න කියලා.
චාමර අමරසූරිය

ඡායාරූපය - අකිල ජයවර්ධන

www.reporter.lk

No comments:

Powered by Blogger.