අවසන් තීන්දුව පමාවෙද්දී අද රාත්‍රී 7 ට ජනපතිගේ විශේෂ රැස්වීමක්

https://www.gossiplankanews.com/2018/12/court-decition-maithri-action.html
3 pm - Update
ටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳන බවට ජනපති රට හමුවේ පොරොන්දුවූ දිනය අද 11 ට යෙදී ඇති අතර ජනපතිවරයා අධිකරණ තීන්දුව ලැබෙනතුරු මෙම තීන්දුවට කල්මරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. මේ අතර අද (11) රාත්‍රී 7 ජනපතිවරයා විශේෂ රැස්වීමක් කැඳවා
තිබෙන්නේ සිය ශ්‍රීලනිප හා මහින්ද රාජප්කේෂගේ ශ්‍රීපොජපෙ කන්ඩායම් සඳහාය. එහිදී අවසන් දේශපාලන තීන්දුව ලබාගනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තාවෙමින් පවතී.
ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස

ඉල්ලා කළ පෙත්සම් විබාගය 7 වනදා අවසන් කිරීමෙන් පසු
පසුගිය 7 වනදා 8 වනදා හෝ 10 වනදා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අවසන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද 11 වනදා සවස 3 වනවිටත් ලැබී  නැත.
මෙම තත්වය හමුවේ එය තවත් කල් යන ලකුණු පහළ කර තිබේ.

මේ අතර මෙම තීන්දුව ඉක්මණ් කරන්නැයි ජනපති නීතිපතිවරයා හරහා ඊයේ අධිකරනයෙන් ඉල්ලා සිටීම අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් යයි කියමින් අද දින මෝසමක්ද ගොනු කර තිබෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෙම්ස් ඩවුරිස් මෙම තීන්දුව ගැන ට්විටර් පනිවිඩයක් නිකුත් කර පවසා ඇත්තේ, හිටපු නීති සිසුවෙකු ලෙස තමන් ලද අත්දැකීම් අනුව මෙය අති සුවිශේෂි හා විරල තීන්දුවක් වනු ඇති බවට තමා උපකල්පනය කරන බවයි.


No comments:

Powered by Blogger.