ගංවතුරෙන් හානියට පත් කුඹුරුවලට අක්කරයකට රුපියල් 40,000ක වන්දියක්



මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ගංවතුරෙන් හානියට පත් කුඹුරු සඳහා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි මුදල් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානියකදී වන්දි මුදල් ලබාදෙන ක්‍රමවේදය අනුව හානියට පත්වූ කුඹුරු අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ලබාදීමට නියමිත අතර ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක වන්දි මුදලක් ලබා දෙනු ලබන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය දන්වා සිටියි.

එසේම මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වී වගා හානි සිදුවී තිබේ නම් නැවත එම කුඹුරු අස්වැද්දවීම සඳහා ගොවීන්ට බිත්තර වී මිලදී ගැනීමට 50%ක සහනාධාරයක් හා පොහොර සහනාධාරද ඒ යටතේ ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම කුඹුරුවලට මඩ හෝ වැලි එකතු වීම නිසා වගා හානි සිදුවී ඇත්නම් ගොවීන්ගේ අභිමතය පරිදි රක්ෂණ වන්දි මුදලක් හෝ නැවත වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදීමටද කෘෂිකර්ම අමාත්‍යාංශ සූදානම් බවද එම ගොවි ජනතාවට දැනුම් දී ඇත.

No comments:

Powered by Blogger.