එක්සත් ජාතික පෙරමුණේ අගමැති කෙනෙකුට සහාය දෙන බව TNA ජනපතිට කියයි


ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති අයුරින් එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි
පිහිටුවීමට පූර්ණ සහාය
ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙයි.
ඊට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14දෙනෙකුගෙන් අත්සන් ද තබා ඇති අතර අද 29 සවස සිදුවන කරු-මෛත්‍රී හමුවට පෙර එම ලිපිය නිකුත් කිරීම තුළ ප්‍රශ්නය සමථයට පත්කරන්නට ටීඑන්ඒ දක්වන දායකන්වය ඉන් කියා පායි.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙක් ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියි.

No comments:

Powered by Blogger.