නවය වසර සිසුවා සමඟ වූ ගැටුමින් මියගිය ශිෂ්‍ය නායකයාගේ අවසන් කටයුතු


බේරුවල චීන කොටුව අල්නුමෙයි සරා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සිසුවකු හා වෙනත් සිසුවකු අතර ඇතිවූ  වචන හුවාමරුවක් දුරදිග යැමෙන් පසු ඔවුන් දෙදෙනා පොරබදිමින් සිටියදී එක් අයකු ඇද වැටී ඇති අතර පසුව ඔහු
රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබිණි. මියගියේ 11 වැනි ශ්‍රේණිය වාණිජ අංශයේ සිසුවකු වන බේරුවල හේනමරක්කල වත්තේ පදිංචිකරුවෙක් වූ මොහොමඩ් කරීම් (17) නම් වූ අයෙකි.

 9 වසරේ සිසුවකු කලිසමට උඩින් දමා සිටි කමිසය යටකර ගන්නා ලෙස ශිෂ්‍ය නායක සිසුවා දැනුම්
දී ඇතත් එය නොපිළිගත් අනෙක් සිසුවා අතර පොරබැදීමෙන් අනතුරුව ඇද වැටුණු සිසුවාගේ හිසෙහි ස්ථානයක් ඉදිමී තිබී ඇති අතර පාසලේ ගුරුවරයෙක් ඔහුව වෙනත් සිසුන් දෙදෙනකු සමඟ නිවෙසට පිටත් කර යවා තිබේ.  නිවසේ නිදා සිටි ශිෂ්‍ය නායක සිසුවා අවදි නොවන බව දුටු මවුපියන් ඔහු බේරුවල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කළුතර මහ රෝහලටත් යළිත් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ඉකුත් 25දා මියගොස් ඇත. මෙම ගැටුමට අදාළ 9 වැනි ශ්‍රේණියේ සිසුවා පළමුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස වාර්තාවක් කැඳවා ඇප මත මුදාහැර තිබූ අතර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි ශිෂ්‍ය නායක සිසුවා මිය යෑමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලීසිය කටයුතු කර තිබේ.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු කළ පෙරේදා (26දා) මියගිය සිසුවා ඉගෙනුම ලැබූ පාසල වසා තිබූ අතර විදුහලට පොලිස් ආරක්ෂාව ලබාදී තිබීණි. මියගිය මොහොමඩ් තාරික් සිසුවාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බේරුවල මුස්ලිම් දේවස්ථාන සුසාන භූමියේදී කෙරිණි.


-කේ.ඩී.පවුලිස්-

No comments:

Powered by Blogger.