රනිල්ට බහුතරය පෙන්නුවත් අගමැති මහින්දමද? පාර්ලිමේන්තුව යළි කල්තැබීමේ සූදානමක්

https://www.gossiplankanews.com/2018/11/inside-report.html
යේ සවස ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ තවත් අලුත් අර්බුදකාරී තත්වයක් පැනනැගෙමින් පවතී. තීන්දුව තාවකාලික එකක් යයි මහින්ද -මෛත්‍රී පාර්ශ්වය විසින් හඳුන්වාදී
තිබුණද එම කල්තැබීමේ ක්‍රියාව නිසා සිදුවූයේ බහුතරය නැති නිසා ජනපති විසුරවූ පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට සිදුවීමයි.
අර්බුදය ඇරඹෙන්නේ ඒ නිසාය.
මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු බහුතරය නැතිව අගමැති ධූරයක් පිරිනමා රට කරගෙන යන්න යයි මෛත්‍රී ජනපතිවරයා වැඩ පවරා තිබුණත් ඔහුට

මෙම පාර්ලිමේන්තුවේ එය කරගෙනයාමේ ගැටලුවක් මීළඟට පැනනගී. කිසිදු කටයුත්තකට අවශ්‍ය බහුතර සහාය නොලැබෙනු  ඇත්තේ ඔහු පත්කළ ආකාරය පිලිබඳ අනෙක් පක්ෂවලට ඇති පිළිකුල නිසාය.

මෙම තත්වය තුළ අද 14 දින පාර්ලිමේන්තුවේ බහුතර බලය කාට හිමිද යන්න ගැන ඡන්ද විමසීමක් පවත්වනු ඇති බවට ආරංචි පවතී. කෙසේ නමුත් එලෙස බහුතරය පෙන්වා සිටියත් අගමැතිව යළි මාරු කිරීම හෝ නොකිරීම පවතින්නේ විවාදසම්පන්න ප්‍රබලයා වන මෛත්‍රී අතේය. ඔහුට උවමනා නම් එසේ නොකර ඉන්නටද හැකිය.

එසේ නොකර වෙනත් කිසියම් හේතුවක් පෙන්නා පාර්ලිමේන්තුව කල් තැබීමට ජනපතිවරයා හෝ ආන්ඩු පක්ෂ මන්ත්‍රී කන්ඩායම උත්සාහ ගනු ඇති බවටත් ලබන මස 7 වනදා ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසන් තීන්දුවෙන් පසු දිනයක් යොදාගැනීම තුළින් පවත්නා සියලු බලයන් ඒ වනතෙක් රැකගෙන සිටීමේ උත්සාහයක් පවතින බවටත් ආරංචි පැතිර තිබේ.


අධිකරණ තීරණ මත බලාපොරොත්තු කඩවීමෙන් පසු ඊයේ රාත්‍රී ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රැස්වූ නමුත් හරියාකාර තීරණයකට එළැඹියේ නැති බව දේශපාලන ආරංචි සඳහන් කරයි. රැස්වීම විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත. මැති ඇමැතිවරුන් අධිකරණයේ වූ සිදුවීම ගැන විස්තර කතා කරමින් සිටින අතර තුර ජනාධිපතිවරයා ඉන් නැගිට ගොස් ඇත. ඒ අනුව එම රැස්වීම අවසන්ව ඇත.

ඊයේ රාත්‍රියේදී යළිත් වතාවක් පාර්ලිමෙන්තු සැසිය කල් දැමීමේ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බවට සැකයක් මතුව තිබුණත් ඔහු එම අදහස ඉවත් කරගෙන තිබේ. රට තුලත් ජාත්‍යන්තරවත් එල්ල වූ විරෝධය හමුවේ හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමේ හැකියාව මේ වනවිට අහිමිව තිබෙන බවද පෙනෙන්ට තිබේ.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවීමේ ආරංචියක්ද රාත්‍රී පැතිරිණි. නිමල් සිරිපාල ඇමතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මෙවැනි කරුණක් ඉඟි කළේය.සැසිවාර ආරම්භ අවස්තාවට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහභාගීවීම අත්‍යවශ්‍ය නැත. ජනපතිවරයාගේ පැමිණීම ඇතිව හෝ නැතිව අද පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

No comments:

Powered by Blogger.