අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කළ අය අපි හොදට දන්නවා - හිටපු ඇමති පාඨලී කියයි
අපරාධකරුවන් ආරක්ෂා කළේ කවුරුද යන්නේ තමා හොදින් දන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී චම්පික රණවක මහතා මෙසේ ද කීය.
“ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම හොඳයි. දේශපාලන අදහසක් සමාජ ගත කරන්න ව්‍යාජ කරන්න එපා.
බැඳුම්කරය ගැන කතා කරන්නේ නැතිව නඩු දාන්න. ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙනුත් නඩු දාන්න. කතා කර මාධ්‍ය සංදර්ශන පවත්වන්න එපා. අපි කියන්කේ ක්‍රියාත්මක කරන්නයි. සාගල රත්නායක කවුරුහරි ආරක්ෂා කරලා තියෙනනාම් ක්‍රියාකරන්න.
අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කළ අය ගැන ඔක්කොටම වැඩිය අපි දන්නවා. බලය තිබෙන්නේ එතුමාට. මේ පිළිබඳව නිසි අවස්ථාව ආවම ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා." යැයි රණවක මහතා කීය
www.reporter.lk

No comments: