ත්‍රිවිධ හමුදා ප්‍රධානියා කොළඹ බන්ධනාගාරයෙන් වැලිකඩට


 


රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා  පැවසීය.

 
මෙම සැකකරුට ආරක්ෂාව සලසන ලෙසට අධිකරණයෙන් ලබාදුන් උපදෙස් මත සහ සැකකරුගේ ජීවිතය පිළිබද පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගනු ලැබූ බව ද උපුල්දෙණීය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සවස හයට පමණ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගිය අතර, පසුව   රාත්‍රී අටට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

(නිමන්ති රණසිංහ )
www.reporter.lk

No comments:

Powered by Blogger.