අදත් ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි - ඇමතිවරුන් කැන්ටිමේ

අද දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීම් වාරයට සහභාගි නොවන්නට ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී තීරණය කර තිබෙන අතර

උදෑසන 9 ට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීමට පැවති පක්ෂ නායක හමුවටද ඔවුන් එක්ව සිටියේ නැත.
ඒ වෙනුවට පාර්ලිමේන්තු කැන්ටිමේ අඩු මිල උෑදෑසන ආහාර 'ලබාගනිමින් සාකච්ඡා කරමින්  සිටිනු වාර්තා විය.
විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සුදානම් වෙද්දී ඊට බාධා කරමින් තෙවරක් පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කර කල් තබන තත්වයට ඉඩ සැලසූ  ආණ්ඩු පක්ෂය ඉන්පසු පාර්ලිමේන්තු රැස්වීමට සහබාගී නොවන ප්‍රතිපත්තියකට මාරු විය. මේ වනවිට ඔවුන් පාර්ලිමේන්තු නොපැමිනෙන දෙවන දිනයයි.
ලංකාවේ අගමැතිවරයාද පාර්ලිමේන්තුව වර්ජනය කිරීම විශේෂ දෙයක් බව ිවදෙස් මාධය වාර්තා කර තිබුනි.
අගමැතිවරයාගේ වියදම් කපා හරින ලෙස දන්වා විපක්‍ෂය අද දිනයේදී විපක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Powered by Blogger.