විග්නේශ්වරන් විවෘත කළ උරුමය සංස්කෘතික මධ්‍යස්ථානය කලක සිට ඉබි යතුරු දමලා

විග්නේශ්වරන් විවෘත කළ උරුමය සංස්කෘතික මධ්‍යස්ථානය කලක සිට ඉබි යතුරු දමලා

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් යාපනයේදී පිහිටුවන ලද උරුමය සංස්කෘතික මධ්‍යස්ථානය කලක සිට ඉබි යතුරු දමා වසා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කරණ ලද්දේ පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු අද්‍යයන කටයුතු සදහා නිරතවන පිරිසට අවශ්‍ය දැනුම සපයන සම්පත් මධ්‍යස්ථානයක් ලෙසිනි.

2017 වසරේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් මෙම මධ්‍යස්ථානය විරුත කරණ ලද අතර එම මධ්‍යස්ථානය මාස හයකට වඩා වැඩි කාලයක් වසා දමා තිබීමට හේතුව විමසූ විට උතුරු පළාත් අධ්‍යාපන අමත්‍යංශයේ කීස්වෙකුත් ඊට නිසි පිලිතුරක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැත.

කෙසේ වෙතත් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද උතුරේ සිසුන් වෙනුවෙන් මෙම උරුමය මධ්‍යස්ථානය හැකි ඉක්මනින් යළි විවෘත කරණ මෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.