පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 
 
මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථානමරු අත්හිටුවීය.

No comments:

Powered by Blogger.