මර්වින් යළිත් කරළියට - මාධ්‍යටත් දැඩි දෝස්මුරයක්

මර්වින් යළිත් කරළියට - මාධ්‍යටත් දැඩි දෝස්මුරයක්

වර්තමාන දේශපාලනඥයන්ට වසර දෙසීයකට ඉහත දී මියගිය වීරෝදාර  කැප්පෙටිපොල නිලමේ තුමා   වර්තමානයටත් ආදර්ශයක් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා 26 වන දින ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ දී පැවසීය.

වීර කැප්පෙටිපොළ මහ දිසාවේ නිළමේතුමා අත්අඩංගුවට පත්වූ පරවහගම  ප්‍රරදේශයේ එතුමාගේ පිළිරුව අබියස සුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

කැප්පෙටිපොළ නිලමේතුමා ඝාතනයට ලක්ව වසර දෙසීයක් ගතවන දින දිවයිනේ විවිධ ප්‍රදේශවල එතුමා අනුස්මරණය කිරීමේ උත්සව රැසක් පැවතෙද්දී එතුමා අත්අඩංගුවට පත් වූ ස්ථානය වල් වැදී විනාශ වෙමින් පවතින බව ජනමාධ්‍ය මඟින් දැන ගැනීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ එම ස්ථානය සුද්ධ පවිත්‍ර කොට එහි පිහිටා ඇති වීර කැප්පෙටිපොළ නිළමේතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා මල් පහන් පූජා කිරීම මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාවේ අනතුරුව හිටපු අමාත්‍ය  ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ අතීතයේ මෙන් ම වර්තමානයේ ද රට බේරාගත් රණවිරුවන් පිළිබඳව මීට වඩා  වැඩි අවධානයක් ජනමාධ්‍ය ආයතන මගින් යොමු කොට රටේ රටට ආදරය කරන බාල පරපුරට බුද්ධියක් ලබාදිය යුතු බවය.

එමෙන්ම වර්තමානයේ දේශපාලන පක්ෂ විපක්ෂ සියළු දෙනා සිදු කරන ක්‍රියාදාමයන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ දී වර්තමානයටද වීර කැප්පෙටිපොළ මහ දිසාවේ නිලමේතුමා දුන් ආදර්ශය ඉතාමත් වැදගත් බව හෙතෙම සඳහන් කළේ ය.

සුදු පාලකයන්ගේ ඒජන්තවරයෙකු ලෙස සිටී වීර කැප්පෙටිපොල නිලමේ තුමා  සුදු ජාතිකයන් තමා වෙත ලබාදුන් ගිනිඅවි උණ්ඩ සියල්ල ඔවුන්ට නැවත භාරදී ත්‍රිසිංහලය ආරක්ෂා කිරීම සඳහා නායකත්වය ලබාගන්නා බව පවසමින් රට බේරා ගැනීමේ සටනට නායකත්වය දුන් බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Powered by Blogger.