වැලිමඩ විරෝධතාවයක් - ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් (VIDEO)



වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීන් වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ එතැන් සිට විරෝධතා පාගමනින් වැලිමඩ ප‍්‍රධාන බස්රථ නැවතුම්පළ අසලට පැමිණ එම ස්ථානයේ පැය දෙකක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවීමෙන් පසු මෙයට විසදුමක් ඉල්ලා වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට විරෝධතා පාගමනින් ප‍්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත ගියහ.

එම අවස්ථාවේදී වැලිමඩ පොලීසිය විසින් වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් සලසා තිබිණී.

මෙම අවස්ථාවේදී වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි බැවින් වැලිමඩ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරිණී ඒ.එම්.දේවසුන්දරී මහත්මිය පැමිණ හෙට (05) පෙරවරුවේ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බව පැවසීමෙන්   අනතුරුව උද්ඝෝෂණකයින් විසිර ගියහ.

No comments:

Powered by Blogger.