උතුරේත්, දකුණේත් ලංගම සේවකයින් වර්ජනයේ (PHOTOS)
වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් සියළුම දෙනා 4 දා සේවයෙන් ඉවත් වීම නිසා ලංගම බස් රථ ධාවනය මුළුමනින්ම අඩාල වී තිබුණි.
මේ හේතුව නිසා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් දැඩි අසීරුතාවයකට මුහුණ දුන් අතර පාසල් වලට දුර බැහැර සිසුන් පැමිණ සිටියේද නැත.
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් තමන් වැඩ වර්ජනයට එක්ව සිටින බව වව්නියාව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් සඳහන් කළේය.
ලංගම සේවකයින් සියළුම දෙනා සේවයට වාර්තා නොකිරීම නිසා වවුනියාව ලංගම ඩිපෝව සම්පූර්ණයෙන්ම වැසි ගිය තත්ත්වයක් දක්නට ලැබුණු අතර උතුරේ සෙසු ලංගම ඩිපෝද මේ වර්ජනයට සහය දක්වා තිබුණි.
මේ අතර සබරගමුව, මොරටුව හා රත්මලාන යන ඩිපෝද මෙම වර්ජනයට සහයෝගය ලබා දී ඇත.
(දිනසේන රතුගමගේ)
No comments: