"මුළු රැයම අවදියෙන්" - ආණ්ඩුව පෙරලන්න මහින්ද කළ කතාව (VIDEO)

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර මුළු රැයම නොනිදා පහන් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය මීට සුළු වේලාවකට පෙර අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට බෙදන හොර පනත් ගෙන එන බවත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි ආනිසන්ස බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ඉතාම සාර්ථක රැලියක් පැවැත්වුවා. අපි අලුයම දක්වා මෙතැන රැඳී සිටිනවා. ආණ්ඩුව විවිධ ක්‍රමවලින් ජනතාව පීඩාවට පත්කරන නිසා ජනතාව සියලු දෙනාට රිදිලා තිබෙනවා. රට බෙදන්න ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා. බදු අයකරමින් විශාල පීඩනයකට ලක්කර තිබෙනවා. ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා මැතිවරණයන් ලබා ගන්න. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මැතිවරණ තියන්නේ නැහැ. ඒකාධිපතිවාදයකට රට ගෙනියනවා. පළාත් සභා මැතිවරණය කල්දමලා. පාර්ලිමේන්තුවේ අපට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. 70 වඩා 06යි, 16 ලොකු වෙලා. අපට විපක්‍ෂයේ වගකීම් ඉටු කරන්න දෙන්නේ නැති නිසා තමයි අද පාරට බැස්සේ. යුද්ධය අවසන් කර මිනිසුන්ට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්නා. ජනාධිපතිට, අගමැතිට යාපනයට ගිහින් මට බණින්න අවස්ථාන දුන්නේ මහින්ද රාජපක්‍ෂ තමයි. එයට විරුද්ධව අපගේ ගමනේ පළමු පියවර තමයි මේ සත්‍යග්‍රහය. මැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා" 

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.