සුද්දිගෙ චැලේන්ජ් එකටයි පස්ස පෙන්නුවේ - කුරුණෑගල තරුණයෝ

සීගිරිය, පිදුරංගල රජමහා විහාරස්ථ භූමියේ නිරුවතින් ඡායාරූප ගෙන මුහුණුපොතට දැමීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් විය.
සැකකාර තරුණයන් කුරුණෑගල හා ගල්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර
නිරුවත පෙන්වීම හා ඡායාරූපගත කර බෙදාහැරීම යන චෝදනා මත ඔවුන් සීගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අය පාසල්යාම නිම කර වැඩි කාලයක් නොවුණ අය වන අතර විනෝදයට සංචාරයේ නිරතවන බව කියා ඇත.
මෙම අවස්ථාවේ තරුණයින් දෙදෙනෙකු තමන් අදාළ

සිද්ධියට සම්බන්ධ නැති බව කියා තිබේ.

එදා පිදුරංගල ගමනට එක්වූ නමුත්  නිරුවත් ඡායාරූප ගැනීමට තමන් දැඩි ලෙස විරෝධය පළ කළ නමුත් මිතුරන්  එම විරෝධය නොතකා නිරුවතින් පෙනී සිට ඡායාරූප ගත් බව ඔවුන් කියා ඇත. ඒ අනුව ඒ දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් සාක්ෂිකරුවන් ලෙස නම්කර මුදාහැරිය බවත් සීගිරිය පොලිසිය කියයි.

පිදුරංගල පව්වේ සිටි ඡායරූපයක් ගත් විදේශීය කාන්තාවක් මුහුණු පොතේ මේ ආකාරයට සිටින්නට කළ අභියෝගයක් පිළිගනිමින් නිරුවත් ඡායාරූප ගෙන මුහුණු පොතට දැමූ බව අනෙක් තරුණයින් තිදෙනා ප්‍රකාශ කර ඇත.
‘ෆෙස් බුක් දැම්මාම මේක හිට් වෙයි කියල අපි හිතුවා. ඒත් බරපතල කමක් දැනුනෙ නෑ. සුද්දියො පස්ස පෙන්නපු ෆොටෝ එකටත් කවුරුවත් ප්‍රශ්න දැම්මෙ නෑනේ. එයාල චැලේන්ජ් කරල තිබුණා පුළුවන්නම් පිදුරංගල ගිහින් මෙහෙම කරන්න කියලා. අපිත් එහේ ගිහින් ඒ විදිහටම කරන්න හිතා ගත්තා.‘ ඔවුන් පවසා ඇත.
මෙම කණ්ඩායමට තවත් අය එකතුවී සිටි අතර ඔවුන් තවම අත්අඩංගුවට ගෙන නැත.
සැකකාර තරුණයන් තිදෙනා අද (27) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබේ.

No comments:

Powered by Blogger.