ජල බිඳක් ඉල්ලා සටන් වඳින මිනිසුන්.

නැවත පදිංචි කිරීම් වැඩසටහන යටතේ මහවැලි- එල් කලාපයේ බෝගස්වැව කොට්ඨාශයේ පදිංචි කළ ජනතාව වෙත වගා කිරීමට ජලය නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.
බෝගස්වැව කලාපයේ ගොවි ජනතාව පැවසූවේ මහවැලි කලාපයට තමන්ගේ ගම් පවරාගෙන ඇතත් මහවැලි ජලය ලැබීම කෙසේ වෙතත් බීමට පවා ජලය නොමැති තත්ත්වයක් අද වන විට උදා වී ඇති බව වාර්තාවේ.
වගා ඉඩම්වල පවතින වගා ළිංවල ජලය නොමැතිවීම හේතුවෙන් වගා කළ වට්ටක්කා,කෙසෙල් හා රටකජු වගාවන් විනාශවි තමන් දැඩි අසරණව සිටින බව ගොවි ජනතාව පවසති.
බෝගස්වැව කලාපයේ ගොවි ජනතාව පැවසූවේ තමන්ට කුමන වැඩටහනකින් හෝ ගම්මාන වෙත ජලය සපයාදීම සිදු කරදෙන ලෙසට හෝ තමන්ගේ වගා ළිං තවදුරටත් හාරා ගැනීමට යම් සහනයක් ලබාදෙන ලෙසයි.
ගොවිතැන මත ජිවත්වන තමන්ට ජලය නොලැබීම හේතුවෙන් තමන්ට එදිනෙදා කෑමට බීමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවද ගොවි ජනතාව කියා සිටියේය.
ගොවි ජනතාව පැවසූවේ දේශපාලන අධිකාරියෙන් හෝ රජයේ ආයතන වෙතින් තමන්ට කිසිදු සහනයක් හිමි නොවන අතර, තමන්ට අඩුම තරමින් නියං සහනාධාරයක් පවා නොලැබෙන තත්ත්වයක් උදාවි ඇති බවයි.
No comments: