ඉමදුව සිසුවිය දුෂණය කළ අසැබි දර්ශන අන්තර්ජාලයේ
16 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට එම දර්ශන වීඩියෝගතකර ඉන් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරි දාහත් හැවිරිදි තරුණයා ඉමදුව පොලිසිය මගින් අත්අඩංගුවට
ගෙන ඇත. මෙම පාසල් සිසුවිය හා තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර සිසුවියගේ ඥාති නිවසක් තුළදී ඉකුත් වසරේ (2017) දෙසැම්බර් මාසයේ දිනක මෙකී අපයෝජනය වී ඇති බැව් පොලීසිය පවසයි.
එහිදී සැකකාර තරුණයා විසින් මෙම පාසල් දැරිය බරපතළ ලෙස
තම පරිගණක අලුත්වැඩියා කිරීමට අලුත්වැඩියා කරන ස්ථානයකට ද බාර දුන් බව පවසා ඇත. පාසල් දැරියගේ අසැබි ඡායාරූප මුහුණු පොතට ඇතුළත් කිරීම සම්බන්ධව තවඳුරටත් ඉමදුව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. වින්දිත දැරිය හා සැකකාර තරුණයා ගාල්ල කරාපිටිය ශිෂ්ණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගෙන ඇති බව ද පොලීසිය පවසයි. සැකකාර තරුණයා ඊයේ (17 දා) අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත දැරිය පරිවාස භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
-කමල් විජේහේවා-
No comments: