"යහපාලනය ඉස්මොල්ලේ ගිහිල්ලා තියෙන්නේ - ඒ හින්දා අපිට වදිනවා" - අකිල

යහපාලනය ඉස්මොල්ලේ ගිහිල්ලා තියෙන බවත් ඒ  නිසා අපිට වදින බව ඇත්ත බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමග බවද ඒ මහතා පැවසීය.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම උපහාර උත්සවයෙන් අනතුරුවය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අගමැතිවරයා උපදෙස් දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පරීක්ෂණයේ වාර්තාව ආපුවම ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. අපිට නාට්‍යයක රඟපාන්න උවමනා නෑ. මොකද අපි පක්ෂයක් විදිහට අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ රේකොඩින් එකේ එයාගෙන් තමයි අහන්න ඕනේ. මේ ඉන්වෙස්ටිගේෂන් එකේ පැහැදිලිවම වෙයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. රේකොඩින් එකක තියෙන එකක් හෝ කවුරුහරි හන්දියක කියපු එකක් හැටියට මට මහ ලේකම් විදියට පරීක්ෂණයක් පවත්වන්නේ නැතුව උත්තර දෙන්න බැහැනේ. 2020 මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි පියවර ගන්නවා මේ දවස්වල සංවිධානගත වෙනවා. අපි නම් කිසිම දෙයකට බයෙන් නම් නැහැ. අපිට බය වෙන්න හේතුවකුත් නැහැ. වෙන අයට ප්‍රශ්නයක් ඇති. අපිට එහෙම නැහැ. අපිට පසුගිය කාලේ තිබුණු අවාසිම මැතිවරණය තිබ්බේ පළාත් පාලන මැතිවරණය. ඒ අවාසිම මැතිවරණයේත් රාජපක්ෂලාට ගන්න පුළුවන් වුණේ සියයට 39යි දශම ගාණයි. මේ ඔක්කොටම හේතුව තමයි ඩි.බී. විජේතුංග මැතිතුමාගෙන් පස්සේ අපේ පක්ෂයට රාජ්‍ය නායකත්වය ලැබුනේ නැහැ. යහපාලනය ඉස්මොල්ලේ ගිහිල්ලා තියෙන්නේ. මාධ්‍ය ඇතුළු ඔක්කොම. ඒ නිසා අපිට වදිනබව ඇත්ත. පොලිස්පතිතුමා වැඩ කරන්න ඕනේ යහපාලන අරමුණු එක්ක තමයි. පොලිස්පතිවරයා නෙවෙයි මේ රටේ රාජ්‍ය සේවකයන්ම ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තිය. ඒක කාටවත් නවත්තන්න බැහැ.”

No comments:

Powered by Blogger.