බස්නාහිර පළාත් සභාවේ කෝටි එකහමාරේ දොර ගැන ජවිපෙ සියල්ල හෙළි කරයි

බස්නාහිර පළාත් සභාවේ කෝටි එකහමාරේ දොර ගැන ජවිපෙ සියල්ල හෙළි කරයි

බස්නාහිර පළාත් සභාවේ නව දොර ගැන ජනතා විමුක්ති පෙරමුනේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා හෙළිදරව්වක් සිදු කළේය.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ප්‍රධාන අමාත්‍යවරයා කිව්වේ කවුරු නතර කරන්න ආවත් මේක නතර කරන්නේ නැහැ, මම මේ පුටු ගෙන්වනවයි කියලා. ශාලාවේ වීඩියෝ පටිගත කිරීම් හා විකාශන පහසුකම් ශබ්ධ විකාශන යන්ත්‍ර පද්ධතිය සවි කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. එක ආයතනයක් මිලියන 72කට මේක ඉල්ලලා තියෙන්නේ. හැබැයි දුන්නේ මිලියන 109කට. මිලියන 37ක් කොමිස් එක කොහොමද ගහ ගන්නේ කියලා බොහොම පැහැදිලියි. දොර සම්බන්ධව. දොර කියන්නත් බැහැ මට මේකේ ගාන හැටියට, හිතෙන්නේ නැහැ දොර කියන නම දාන්න. ඒ නිසා මේ ද්වාරයට කීයක් ගියාද කියලයි ඇහුවේ? උත්තරේ දෙන්නේ නැතුව මඟ හැරියා. නිල නොවන ආරංචි හැටියට කෝටි එක හමාරක් ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ඒ ගොල්ලෝ ඇත්ත කියන්න ඕනේ මේක. ගොඩනැගිලි ඉදි කිරීම් සහිත මේ සියලු දේවල් වලට සකස් කල ඇස්තමේන්තුවල වටිනාකම බදු මුදල සහිතව මිලියන 7029යි. දැනට ඉවර කරලා තියෙන වැඩ වලට මිලියන 5854යි. පළාත් සභා ආරම්භයේ සිට මෑතක් වෙන තුරුම තිබ්බා මුද්දර සල්ලි කියලා එකක්. ඒ මුද්දර සල්ලි ආපහු දෙන්න ඕනේ පළාත් පාලන ආයතනවලට. ඒක අදිනවා පස්සට. අවුරුදු 2ක් පැන්නට පස්සේ ඒ සල්ලි අපහු නගර සභාවට ප්‍රාදේශීය සභාවට දෙන්නේ නැහැ. මෙන්න මේ තිබිච්ච සල්ලි තමයි ඩිපොසිට් එකක දැම්මේ. ඕක තමයි මේ ඉන්න වර්තමාන ආණ්ඩුව මේ විදියට වියදම් කරන්නේ.”

No comments:

Powered by Blogger.