ඇප කොන්දේසි කැඩූ පුත්තලමේ සභාපති රිමාන්ඩ්
පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයා නඩු විභාගය අවසන් වන තුරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය අද නියෝග කළේ ය.
2010 වසරේ ජනවාරි මස 16 වනදා මදුරන්කුලමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයාට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි ඇප කොන්දේසියක් ලෙස විදේස්ගත වීම තහනම් කරමින් මීට පෙර නියෝග නිකුත් කර තිබිණ.
එහෙත් සභාපතිවරයා එම ඇප කොන්දේසි කඩකරමින් පසුගිය 9 වන දා විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබිණ.
ඒ අනුව සැකකරු අද පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියෝගය කළේ ය.
No comments: