යහපාලන ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්

යහපාලන ආණ්ඩුව ගැන මහින්දගෙන් නිවේදනයක්

වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ සිය පාලන සමයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළද ආර්ථිකයට පරිවර්තනය වීමේ ආනිසංස බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටට ආවේණික ආර්ථික කළමණාකරන ක‍්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප‍්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බවද එම නිවේදනයේ දැක්වේ.

“මාගේ ආණ්ඩු කාලය තුළ 2007 - 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ්ව විශාල වශයෙන් කඩා වැටිනි. එදා ඒ ඇතිවු ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බවට වගබලා ගැනිමට අපේ ආණ්ඩුව සමත් විය.“ යැයිද එම නිවේදනයේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

No comments:

Powered by Blogger.