ජනප්‍රියවාදී වෙන්න ගිහින් වැඩ වරද්දා ගත්තා - කාදිනල් හිමිපාණන්ට මංගල දොස් කියයි

ජනප්‍රියවාදී වෙන්න ගිහින් වැඩ වරද්දා ගත්තා - කාදිනල් හිමිපාණන්ට මංගල දොස් කියයි

කාදින්නල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා ශාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව් මැදුරේ පැවති මංගල දේව මෙහෙයට එක්වෙමින් කළ මානව හිමිකම් හෙලා දැකීමේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය මංගල සමරවීර මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

කාදිනල් හිමිපාණන් ජනප්‍රියවාදී වීමට වීරිය කරන සෑම අවස්ථාවකම වැඩ වරද්දා ගන්නා බව එම ටුවිටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර “කතෝලික මර්දනීය අතිතය“ද කෙටියෙන් උපුටා දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ පෙන්වා දී තිබේ.

කතෝලික ආගම පිළිනොගතහොත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයින්ට දෙතිස් වද දී මරා දැමීමට සභාව විසින් 12වැනි සියවසේදි යොදාගන්නා ලද “inquisiton“ යනුවෙන් හැඳින්වුන භීෂණකාරී සෝදිසියත් වෙනත් ආගම්වලට එරෙහිව සිය අධිපත්‍යය පැතිරවීමට සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධය ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසයි.

මේ අතර ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා සාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව් මැදුරේ පැවති මංගල දේව මෙහෙයට එක්වෙමින් පැවසීය.

වර්තමානයේ බටහිර සමාජයේ නවතම ආගම වී ඇත්තේ මානහිමිකම් විෂය බවත් උන් වහන්සේ පැවසීය.

එම ටුවිටර් පණිවිඩය පහතින්,

No comments:

Powered by Blogger.