ෆොන්සේකාට ප්‍රසිද්ධියේ ජනපති විරුද්ද වේ.. ෆොන්සේකා තරහට බොරු කියන බවත් කියයි..
වත්මන් ආණ්ඩුව යටතේ කිසිලෙසකින් වත් ජාතික ආරක්ෂාව දුර්වල වී නැති බවත් හමුදාවක් නිරන්තරයෙන්ම ශක්තිමත්ව ක්‍රියාකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී ය. මෙරට හමුදාවන්ට පසුගිය කාලයටත් වඩා ලොව ප්‍රබලම රටවල පුහුණු අවස්ථාවන් මෙන්ම සහයෝගයක් හිමිව තිබෙන බවද පවසන ජනාධිපතිවරයා අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇත්තේ ද ආරක්ෂක අමාත්‍යාංශයට යයිද සඳහන් කරයි.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ හමුදාවන් සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික කරුණු මුල්කර ගනිමින් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය. හිටපු හමුදාපති වත්මන් ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා කියා සිටියේ හමුදාව අද වන විට ඉතාම දුර්වල වෙමින් පවතින බවයි. යුද හමුදාවද එම ප්‍රකාශයන් ප්රතික්ෂෙප කරමින් නිවේදන නිකුත් කලේය.

No comments: