ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත්තේ ඇමැති ෆයිසර්ගේ ඥාති පුත්‍රයෙක්!

ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත්තේ ඇමැති ෆයිසර්ගේ ඥාති පුත්‍රයෙක්!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි  ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්  ඥාති පුත් මොහොමඩ් නිසාම්දීන් එවැනි ක්‍රියාවක් සිදු කර ඇති බව විශ්වාස කළ නොහැකි බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

විදෙස් මාධ්‍ය ආයතනයක් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

තම ඥාති පුත්‍රයා එවැනි ත්‍රස්ත ක්‍රියා සිදු කළ හැකි පුද්ගලයෙකු නොවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඔහුගේ පුතාගේ නිර්දෝශිභාවය පිළිබඳ පුර්ණ විශ්වාසයක් ඇති නමුත් ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මක වන ආකාර සම්බන්ධයෙන් තම පවුලේ සියළු දෙනා ගරු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වන තෙක් තම ඥාති පුතා සමඟ කතා කිරිමටවත් අවස්ථාවක් හිමි නොවුනත් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාවක් හිමි වනු ඇතැයි සිතන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

තමන් අමාත්‍යවරයෙක් වුවත් එම බලතල පාවිච්චි කරමින් ශ්‍රී ලංකා රජයෙන් කිසිදු මැදිහත් වීමක් ඒ සඳහා සිදු නොකරන බවත් එසේ සිදු කරනතෙක් එය වැරදි ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.

මෙය තම පවුලේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් බවත් තම පවුල මෙම අත්අඩංගුවට ගැනිම හේතුවෙන් දැඩි අර්බුධකාරි තත්ත්වයකට මුහුණ දි ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත.
 
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා ඇත්තේ වර්තමානයේ ත්‍රස්ත ක්‍රියා බෙහෙවින් සිදුවන නිසා ඕස්ට්‍රේලියානු රජය දැඩි විමසිල්ලෙන් සිටින බවයි.

එම නිසා එරට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුර්ණ විශ්වාසයෙන් යුතුව තම පවුලේ සාමාජිකයන් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

 

No comments:

Powered by Blogger.