දකුණේ ලංගම සේවක වර්ජනය අවසන්
ලංගම ඩිපෝවල සේවකයින් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) පස්වරුවේ සිට අවසන් කිරිමට තින්දු කළ බැව් ශ්‍රි ලංකා ගමනා ගමන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් එස්. රණසිංහ මහතා පවසයි.
ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා සමග අද පස්වරුවේ කළ සාකච්ඡාවකින් පසු සේවක ඉල්ලිම් ලබාදිමට එකගවු නිසා වැඩ වර්ජනය අවසන් කිරිමට තින්දු කළ බව රණසිංහ මහතා සදහන් කළේය.
2006 අංක 30 සහ 2016 අංක 02 වැටුප් චක්‍ර ලේඛණය අනුව සියලු දිමනා ලබාදිමට පාලනාධිකාරිය එකගවු බවත් ඔක්තෝබර් මස 01 වැනිදා සිටි අවම සේවක වැටුප රුපියල් 25000 දක්වා වැඩිවෙන බවද ශ්‍රි ලංකා ගමනා ගමන සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.
මෙකි සාකච්ඡාව ශ්‍රි ලංගමට වෘත්තිය සමිති හතේම නියෝජිතයින් සහභාගි වු බව පවසන රණසිංහ මහතා හෙට 05 උදැසන වන විට විධිමත් ලෙස බස් ධාවනය සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
(ලලිත් චාමින්ද)
No comments: