ජනපති අද නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි

ජනපති අද නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) නෙල්සන් මැන්‍ඩෙලා සාම සමුළුව අමතනු ඇත.

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇතුළු රාජ්‍ය උත්සව රැසකට සහාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) ජොන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළෙන් පෙරවරු 10.00ට පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ළගා විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා යන මහත්මරුන් ඇතුළු පිරිස විසින් ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස පිළිගන්නා ලදී.

ඒ අනුව අද (24) එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇරැඹෙන අතර එම සමුළුවේ විශේෂ දේශනයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබයි.

No comments:

Powered by Blogger.