මධුසමයේ දෙවැනි දවසේ බිරියට හොරෙන් ගංජා බොන්න ගිය සැමියා


විවාහයෙන් දින දෙකකට පසු ගංජා ළඟ තබා ගෙන පොලිසියට කොටු වූ පුද්ගලයකු පිළිබඳ කැලණි
පොලිසියෙන් වාර්තා වේ.

සිය විවාහක බිරිය නිවසට කැන්දාගෙන විත් දෙවැනි දිනයේ මෙලෙස පොලිසියට කොටුවූ ඔහු ගංජා පානයට තදින්ම ඇබ්බැහිව සිට ඇත. විවාහයට පෙර ගංජා ලෝලියකු ලෙස නිදහසේ ගංජා පානය කර ඇති ඔහු බිරිය නිවෙසට කැන්දාගෙන ඒමෙන් පසුවද පුරුද්ද අත්හැර ගැනීමට නොහැකි වීම නිසා බිරියට හොර රහසේ ගංජා ඉරීමට ගොස් මෙලෙස පොලිසියට කොටුවී තිබේ.

ගංජා ළඟ තබා ගැනීමේ වරදට තමන් පොලිස් අත්අඩංගුවට ගත් බව සිය බිරියට නොකියන ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලීමක්ද කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත නිදහස් කර 27 වැනිදා යළි අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.


-කුසුම්.එස්.හැන්නදි-

No comments:

Powered by Blogger.