"ජනතාවගේ අපේක්ෂාව මම නෙවෙයි මහින්දයි" - ගෝඨා

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන්වන පරීක්ෂණ සාධාරණ අයුරින් සිදුවනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරික්ෂණ කටයුතු පිළිබඳව ද මාධ්‍යවේදින් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරිම් සිදු කළේය.

එයට පිළිතුරු සපයමින් ඔහු පැවසුවේ තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ තමන් සමඟ රාජකාරි කළ දක්ෂ නිළධාරින් අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත් ඔවුන් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නේ නම් නිවැරදි විමර්ශනයක් සිදු කරනු ඇති බවත්ය.

රටේ ප්‍රධාන පුරවැසියා ඝාතනය කිරිමට සැලසුම් කර ඇති නම් එය විශාල ගැටලුක් බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කළ ප්‍රශ්නයකටද පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජනතාවගේ අපේක්ෂාව තමන්  නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත්ය.

No comments:

Powered by Blogger.