මග සිටි මගීන්ව හමුදාව රැගෙන යයි




දුම්රිය වර්ජනයෙන් ඊයේ (08) දින පීඩාවට පත්ව නිවෙස් කරා යෑමට නොහැකිව සිටි මගීන්ට නිවෙස් කරා යාමට ගමනා ගමන පහසුකම් සැපයීමට යුධ සහ නාවුක හමුදා බස් රථ 42ක් ඊයේ (08) ධාවනයට පැමිණ තිබුණා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධික්ෂණය යටතේ යුධ හමුදාව විසින් බස් රථ 33ක් යෙදෙවු බවයි.

නාවික හමුදාව විසින් බස් රථ 09ක් සැපයු බව මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කර සිටියා.

මෙම බස් රථ ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, මහව සහ ගම්පහ ප්‍රදේශ බලා ධාවනයේ යෙදෙවු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් සඳහන් කර සිටියා.

අද (09) දිනයේදි යළි මෙම බස් රථ සිය ගමනාන්තයේ සිට කොළඹට ධාවනයේ යොදා ඇති බව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

No comments:

Powered by Blogger.