ජුම්මා මංසන්ධියේ යළිත් වෙඩි පත්තු වෙයි

මාලිගාවත්ත ජුම්මා මංසන්ධිය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර එනම් පසුගිය 26 වැනිදා ද මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවුණා.
මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදීම මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී කාන්තාවක් ඝාතනයට ලක් වුණා.
එහිදී සිදු වූ පරීක්ෂණවලදී මේ පිළිබඳ සැක මතු වුණේ පාතාල කණ්ඩායම් 02ක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවටයි.
No comments: