වනජීවී නිලධාරීන් සමග නිදන් හාරමින් සිටි පළාත් සභා මන්ත්‍රිව ඇමති තෙවරප්පෙරුම අල්ලාදෙයි

අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානය තුළ නිදන් හාරමින් සිටි පළාත් සභා මන්ත්‍රිවරයකු සහ වනජීවී නිලධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 16 දෙනකුව
හිඟුරක්ගොඩ පොලිසිය විසින් පසුගියදා (17දා) අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට ලැබුණු තොරතුරකට අනුව ඔහු විසින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රැගෙන ගොස් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.


අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානයේ රජ බැම්ම ප්‍රදේශයේ අඹන්ගඟ පතුලේ නිදන් සොයමින් සිටි මෙම සැකකරුවන් සමඟ කිමිඳුම් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සබරගමුව පළාත් සභා මන්ත්‍රිවරයෙක්, යාල සහ අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානවලට අනුයුක්තව සේවය කරන වනජීවී නිලධාරීන් දෙදෙනකු ඇතුළු රත්නපුර සහ ඒ අවට පදිංචි පුද්ගලයන් 16 දෙනෙකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර සිද්ධියට සම්බන්ධ වනජීවී නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කරයි.


සපුමල් ජයසේන, හිඟුරක්ගොඩ - ප්‍රියා, පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

No comments:

Powered by Blogger.