1 වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට



2008 වසරෙන් පසුව ප්‍රථම වතාවට දුම්රිය ගාස්තු 15%කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්තෝබර් මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ දුම්රිය ගාස්තු ඉහළ නංවන බවයි.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අතර අවම ගාස්තුව වන රුපියල් 10 යේ වෙනසක් සිදු නොවන බවත් අමාත්‍යාංශය පවසයි.

No comments:

Powered by Blogger.