අත්අඩංගුවට පත් "ආවා" කල්ලියේ 03ක් උසස් පෙළ ලියයි

''ආවා'' කල්ලියට ආධාර දෙමින් හා එම සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිටියදී යාපනයේදී පොලිස් අත්අඩංගුවට පත් වූ තරුණයින්ගෙන් තුන් දෙනෙකුට මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණයෙන් අවසර ලැබී තිබෙනවා.
එම සිසුන්ගේ ඥාතීන් විසින් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත එම සිසුන්ට විභාගයට පිළිතුරු සපයාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කොට තිබෙනවා.
ඒ අනුව එම සිසුන් තුන් දෙනා පෙනී සිටින විෂයන් සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවසර ලැබී ඇති අතර පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් විභාග නිලධාරීන් හා එක්ව එම සිසුන්ට විභාගයට පෙනී සිටීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.
No comments: