මුලින්ම එජාපය අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්න ඕනේ

මුලින්ම එජාපය අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්න ඕනේ

එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය දන්වා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරන් යන මහත්වරුන් පෙරේදා රාත්‍රියේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
 
“එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර තුරු අපට ඉන්න පුළුවන්. ඉන්පසු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන්” යැයි එම පක්ෂවල ප්‍රකාශකයෙක් පැවසීය.
 
නව සන්ධානයේ තවත් පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ අර්බුද විසඳා ගත යුතු බවය.

“එක්සත් ජාතික පක්ෂය සන්ධානයට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ නොකළ යුතු” යැයි ඔහු පැවසීය.
 
නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා පැවැසීය.

No comments:

Powered by Blogger.