ඉදිරියේදි ජනතාව ඉල්ලන නායකත්වය අපි ගේනවා - මනුෂ

ඉදිරියේදි ජනතාව ඉල්ලන නායකත්වය අපි ගේනවා - මනුෂ

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  මතවාද දෙකක්  නොමැති අතර ඉදිරි කාලයේදී පුළුල් සන්ධානයක් වශයෙන් ඒකරාශීව  ජනතාව ඉල්ලන නායකත්වය  ඉදිරියට ගෙන එන බවද  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා ,

“සන්ධාන ගැසීම් සියල්ල සිද්ධ වෙනවා . ඒ පුළුල් සන්ධානය ඒකරාශී වෙනවා.  පක්ෂයක් විදියට පුළුල් පෙරමුණක් විදියට පුළුල් ජන බලයක් එකතු කරන්න  පුළුවන් තනි අපේක්ෂකයෙක් නෙමෙයි කණ්ඩායමක්  විදියට කණ්ඩායමක් නියෝජනය කරන අපෙක්ෂකයෙකු විදියට  අපි ඉදිරිපත් වෙනවා. ඉතින්  එහෙම ඉදිරිපත් උනහම මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයා විදියට ඒ නායකයා  ජයග්‍රහණය කරන්වන්න අපිට පුළුවන්කම ලැබේවි. විවිධ කණ්ඩායම් විදේශ පුරවැසියන් මේ රටේ ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න සූදානම් වෙනවා. අයියගෙන් මල්ලිට මල්ලිගෙන් අයියට තනතුරු ලබාදීම පිළිබඳ පවුල් දේශපාලනය ක්‍රියාත්මක කරවන්න උත්සාහ තියෙනවා. මේවට  ජනතාව පිළිතුරු දීලා තියෙනවා එකපාරක්. නැවතත් පිළිතුරු ලබා ගැනීම සඳහා තමයි මේ අය උත්සාහ කරන්නේ.  ඒ නිසි පිළිතරු ජනතාව ලබාදේවි. සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියලා."

"අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ඉල්ලන අපේක්ෂකයායි. ඉතින් ඒ ජනතාව ඉල්ලන අපේක්ෂකයාට පක්ෂය අභ්‍යන්තරයේ විවිධ මතවාද තියෙනවා. මේක ප්‍රජාත්‍රාන්ත්‍රවාදී පක්ෂයක්.  මේවා තීරණය කරන්නේ පවුලේ කෑම මේසේ නෙමේ. මේක තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකරී මණ්ඩලය. මේක තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය එක්ක හවුල් වන සන්ධානයේ  කණ්ඩායම් එකතුවෙලා. ඒ එකතු වෙලා දැනට කියැවෙන රටේ ඉල්ලන ජනප්‍රිය නායකයාව හෙට අනිද්දා  දවසක නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. අපි  ඒක නිසි වෙලාවට  රටේ ජනතාව අපෙක්ෂා කරන අපෙක්ෂකයා දැම්මහම රටේ ජනතාව පක්ෂ බේදයෙන් තොරව  රටක් විදියට සියලු දෙනාම ඒකරාශී වෙනවා. පක්ෂය ඇතුලේ කණ්ඩායම්  දෙකක්. දෙකට  බෙදීමක් නෙමේ. මතවාද දෙකක් තියෙනවා. පක්ෂයක් ඇතුලේ  මේක පවුලේ උණානම් පවුලේ කැබිනට්ටුව තමයි තීරණය කරන්නේ. මතවාද දෙකක් තියෙනවා ඒ අපෙක්ෂකයා සම්බන්ධයෙන් නෙමේ. අපෙක්ෂකයා පිළිබඳ තර්කයක් නෑ. මේ සන්ධානයේ සියලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනාගේම ශක්තියෙන් සියලු දෙනාගේම හයිය අරගෙන  එක අපෙක්ෂකයෙකු අපි ගේනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.