ඩිව් ගෝටාභයට විරුද්දයි.. කොමියුනිස්ට් පක්‍ෂයේ දරුණු මත ගැටුම් !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ බෙදීමක් ඇති වී තිබේ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කිරීම පිලිගත නොහැකි බව පක්‍ෂ නායක ඩිව් ගුණසේකර හා ඔහුගේ හිතවාදීන් සදහන් කර ඇත.

නමුත් පක්‍ෂ මහ ලේකම් රාජා කොල්ලුරේ හා වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් පවසන්නේ ජයගත හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසා ඔහුට අපේක්‍ෂකත්වය දිය යුතු බවයි.

මෙම තත්වය මත එම පක්ෂය තුළ ප‍්‍රබල බෙදීමක් හටගෙන තිබේ.


No comments:

Powered by Blogger.